මගේ අම්මා,
ලෝකයට තවත් එක් ගැහැණියක් පමණි,එනමුත් මගේ ලෝකයේ වීරවරිය ඇය වන්නීය. ඒ මාගේ අම්මා වූ නිසාවෙන්මය.
ඇය මා වෙනුවෙන් කල කැපකිරීම් මා අසා ඇත්තේ මෙලෙසිනි.
මා කුසට පැමිණි බව දැනගත් දින ඈ නැවත උපතක් ලැබුවලු ,සතුටින් පිනා ගියාලු ,දෙවියන්ට ස්තුති කලාලු..
එදා ඉඳන් වෙනදා ගන්නා අහාර වගේ දෙගුණයක් කෑම ගත්තලු ,ඒ පෙරේතකමට නෙවෙයි මට පෝෂණය මදිවෙයි කියලා.
උණුසුම් අහාර ගත්තේ නැහැලු මගේ හිසකෙස් හලේවි කියලා,සීතල වතුර බිව්වේ නැහැලු මා කුසතුළ අසනීප වේවි
කියලා.
හැමදාම දෙවියන් බුදුන් වැන්දාලු ඒ වගේම ප්‍රර්ථනා කලාලු “මා බිහිවන දින ඇගේ දිවි තොර වුවත් ,දරාගන්න බැරි විලි වේදනා දැනුනත් මට කිසිදු කරදරයක් හිංසාවක් නොම වේවා!” කියලා.
කිසිම දෙකට අම්මා තරහා ගත්තේ නැහැලු මගේ මුහුණ නපුරු පෙනුමක් ගනීවී කියලා.මොන දුකකටවත් අඩුවේ නැහැලු මම දුබල පෙනුමක් ගනීවි කියලා.හැමදාම බණ,පිරිත් ඇහුවලු මම දැහැමි පුද්ගලයෙක් වෙන්න කියලා.
අම්මගේ ජීවිකාලෙට පළවෙනි දත ගැලෙව්වේ මම ඉපදෙන්න ඉඳිද්දීලු, මගේ අස්ථි ශක්තියට අම්මගේ ඇගෙන් ගොඩක් කැල්සියම් කැපකරන්න ඇති ඒ නිසා වෙන්න ඇති එහෙම උනේ.
මම ඉපදුනු දවසේ ඉඳන් ඇහේ මූණේ තියාගෙන මාව දැඩි කළහැටි ,
බහ තෝරන දවසේ ඉදන් මට තේරුණා මගේ අම්මේ......
මම සෙල්ලන් කරද්දී පුංචි තුවාලයක් උනත් මට,ඊට වැඩි වේදනාවක් ඔයාට දැනුනා මම දන්නවා අම්මේ.....
මම වැරැද්දක් කරලා මට ගැහුවම බැන්නම බිම ඉගෙන අඩද්දී,මටත් වඩා මගේ අම්මා කටත් හොරෙන් ඇඩුවා නේද........
මම දැන් දන්නවා එදා මට ගැහුවේ බන්නේ මම හෙට වැරදි කරන එක නතර කරන්න කියලා.....
අපේ බඩගිනි නිවෙද්දී හැලි වලං හිස් වුනු දවසට කහට කොප්පෙකින් කුස පුරවන් නින්දට සතුටින් ගියේ අපි බඩපුරවන් නිදාගත්තු නිසා නේද මගේ අම්මේ.......
මගේ අම්මා විතරක් නෙවෙයි හැම අම්මා කෙනෙක්ම මේතරම් කැපකිරීම් කරලා දරුවන් හදන්න මේ පාරමිතා පුරන්නේ බුදු පදවි පතාගෙන නොවෙයි,තමන්ගේ පුතා රජෙක් කරන්නයි,ඒ අම්මාවරුන් ප්‍රර්ථනා කරන රජකමයි, රාජ්‍ය පදවියයි අතර අහසට පොලොව තරම් පරතරයක් ඇති බව දන්නේ අම්මාවරුන් පියවරුන් හැරුනුනම තවත් කිහිප දෙනෙක් විතරයි.
ඒත් මට තාමත් නොතේරුණු දෙයක් තියෙනවා,මේ ලෝකේ අම්මාවරුන් පොලොව වගේ දුක විදිමින්,අහස තරම් කැපකිරීම් කලත්, රත්තරන් මවකගේ කුසකින් උපන් දරුවෝ තමන්ගේ අම්මගේම ලේ සොලවන්න තරම් කුරිරු උනේ කොහොමද,අම්මාවරුන් වයසට ගියාම වැඩිහිටි නිවාස වලට ගෙනිහින් දමන්නේ ඒ අයට කෘතගුණ දක්වන්නේ ඒ විදිහටද?
මගේ අම්මා ගැන ලොවට කියන්න පදවැල් අමුණා කවි මුමුණන්නට කවියෙක් හෝ පෑන්තුඩින් අකුරු ගලපන්න ඒ තරම් දක්ෂයෙක් නොවුනත්,මගේ හිතේ අම්මා ගැන තියෙන ආදරය,ගෞරවය ගැන මට පුළුවන් විදිහට උත්සහ කලා..
මෙය කියවූ ඔබ සැමට මගේ අවංක ස්තුතිය......
බොහෝම ස්තුතියි...
මුහුණු පොතෙන් අම්මා ගැන කිය වුනු වදන් සහිත පින්තුර කීපයක්......
patta friend
ReplyDeleteTnx a Lot Bro!
DeleteIn loving memory of my
ReplyDeleteMom
Always on my mind
Forever In My Heart ❤
❤️❤️❤️❤️
ReplyDelete