StarAdClick

{"code":200,"data":{"bizTypeCode":"gz01","bizValue":"¥RNKdYn4zJrP¥","bizTypeName":"淘口令"},"message":"处理成功","isSuccess":true}

Saturday, September 21, 2019

හිතට දැනුනි

මෙම වෛද්‍යවරයා මෙම පින්තූරය ප්‍රකාශයට පත් කළ අතර ඔහු ඒ ගැන මෙසේ ලිවීය.

අද මගේ ජීවිතයේ වඩාත්ම කනගාටුදායක දිනයයි. වෛද්‍යවරයකු වශයෙන් මම බොහෝ ගර්භනී කාන්තාවන් සමඟ කටයුතු කර ඇත්තෙමි. මම සූතිකාගාරයේ සිටින සෑම අවස්ථාවකම, සියලු මව්වරුන් ආරක්ෂා කර ආශීර්වාද කරන ලෙසට දෙවියන් වහන්සේට යාඥා කරමි. දරු ප්‍රසූතියේදී කාන්තාවකගේ වේදනාව නොඉවසිය හැකි එකකි.  මාස නවයක් තිස්සේ දරුවා දරාසිටීම පමණක් නොව නව ජීවිතයකට උපත ලබාදීමද  භාර දූර කාර්‍යයක් වේ.
   මේ කියන එදින අපට එක් කාන්තාවක් අහිමි විය. අප මහත් කම්පනයට පත් උනෙමු. එවැනි දේ කිරීමට අපි දෙවියන් වහන්සේට නොකියමු. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව  ඇයට මෙම තත්වය උදා වූයේ ඇයි?

ඇය අවුරුදු 14 ක් දරුපල අහිමිව සිට ඇති අතර එන්නත් සහ කෘතිම සිංචනය ඇතුළු සියලුම ප්‍රතිකාර  අපි අත් හදා බැලුවෙමු. අවසානයේ දී, දෙවියන්ගේ කැමැත්ත පරිදි, ඇයගේ ඩිම්බ කෝෂවල විශාල ගෙඩියක් තිබුණද, වෛද්‍ය විද්‍යාවේ හා විද්‍යාවේ සියලුම සංසිද්ධි න් පරයා ඇය ජය ගත්තාය.
. ඇය ගර්භණීව සිටියදී මෙම ගෙඩිය දිය වීමට පටන් ගත් අතර සියල්ල හොඳින් විය. දරු ප්‍රසූතියේදී ස්වාමිපුරුෂයා මා වෙතට පැමිණියේය. පැය හතක් වෙහෙස මහන්සි වී සිදු කල සැත්කමෙන් පසු ඇය තම දරුවා දෑතින් ඔසවාගෙන සිනාසෙමින් මෙලොවින් නික්ම ගියාය . මව මිය ගිය අතර දරුවා  ජීවතුන්  අතර තනිවිය.ඇගේ සැමියා ඇගේ මරණය දැනගත් පසු ක්ලාන්ත වී ඇද වැටුනේය.

මෙම ප්‍රීතිමත් දිනය ඛේදවාචකයක් බවට පත් වූයේ එසේය.
කරුණාකර කාන්තාවන්ට ගරු කරන්න, මන්ද ඔවුන් පුරා මාස නවයක් ඔබට ජීවිතයක් ගෙන ඒමට අනේකවිධ වේදනා විඳින අතරම, ඉතාම අසිරු ප්‍රසූත වේදනාවද දරාසිටී.
    ඇය වෙනුවෙන් ඔබේ දරුවා රැක බලාගැනීමට නිදිවර්ජ රාත්‍රියක් ගත කිරීම ඇය වෙනුවෙන් කළ හැකි විශාලතම පරිත්‍යාගයයි.

ඔබ කිසියම් හේතුවක් නිසා ඔබේ මව සමඟ කතා නොකරන්නේ නම් කරුණාකර දැන් ඇය හමුවන්න.ආදරය කරන්න. ඇයව තේරුම් ගන්න. කාන්තාවන් කෙරෙහි ඔබේ ආදරය පෙන්වන්න සහ ඔවුන්ට ගරු කරන්න.

උපුටා ගැනීමකි ~


Thursday, February 20, 2014

Cricinfo International Scores

Cricinfo International Scores: Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!

Wednesday, August 21, 2013

ආදරයේ උල්පත වූ අම්මා .....




මගේ අම්මා,
                     
   ලෝකයට තවත් එක් ගැහැණියක් පමණි,එනමුත් මගේ ලෝකයේ වීරවරිය ඇය වන්නීය. ඒ මාගේ අම්මා වූ නිසාවෙන්මය.
ඇය මා වෙනුවෙන් කල කැපකිරීම් මා අසා ඇත්තේ මෙලෙසිනි.

මා කුසට පැමිණි බව දැනගත් දින ඈ නැවත උපතක් ලැබුවලු ,සතුටින් පිනා ගියාලු ,දෙවියන්ට ස්තුති කලාලු..
එදා ඉඳන් වෙනදා ගන්නා අහාර වගේ දෙගුණයක් කෑම ගත්තලු ,ඒ පෙරේතකමට නෙවෙයි මට පෝෂණය මදිවෙයි කියලා.
උණුසුම් අහාර ගත්තේ නැහැලු මගේ හිසකෙස් හලේවි කියලා,සීතල වතුර බිව්වේ නැහැලු මා කුසතුළ අසනීප වේවි කියලා.
හැමදාම දෙවියන් බුදුන් වැන්දාලු ඒ වගේම ප්‍රර්ථනා කලාලු “මා බිහිවන දින ඇගේ දිවි තොර වුවත් ,දරාගන්න බැරි විලි වේදනා දැනුනත් මට කිසිදු කරදරයක් හිංසාවක් නොම වේවා!” කියලා.


Wednesday, July 17, 2013

සෙනෙහසේ නවාතැන


     කඳු  වළල්ලකින් වටැති ගාම්බීර ලීලාවෙන් වැජඹෙන "කදුරට පුංචි සරසවිය"නමින් විරුදාවලිය ලත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එය සරසවියකි, දැනුමේ පාරාදීසයකි,
ගැඹුරු කලා කාමී වචන භාවිතා කිරීම මගේ සිහිනය විස්තර කිරීමට බාධකයක් යැයි සිතමි .ඒ මන්දයත් මා පද ඇමිනුමට විදක්තයෙක් නොවෙමි.මාගේ වචන භාවිතය ඔබේ දෘශ්ථියෙන් වැරදි යැයි හැඟෙයි නම් මා සමාව භජනය කරමි.

මේ මගේ කතාවයි ................