StarAdClick

{"code":200,"data":{"bizTypeCode":"gz01","bizValue":"¥RNKdYn4zJrP¥","bizTypeName":"淘口令"},"message":"处理成功","isSuccess":true}

Wednesday, July 17, 2013

සෙනෙහසේ නවාතැන


     කඳු  වළල්ලකින් වටැති ගාම්බීර ලීලාවෙන් වැජඹෙන "කදුරට පුංචි සරසවිය"නමින් විරුදාවලිය ලත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එය සරසවියකි, දැනුමේ පාරාදීසයකි,
ගැඹුරු කලා කාමී වචන භාවිතා කිරීම මගේ සිහිනය විස්තර කිරීමට බාධකයක් යැයි සිතමි .ඒ මන්දයත් මා පද ඇමිනුමට විදක්තයෙක් නොවෙමි.මාගේ වචන භාවිතය ඔබේ දෘශ්ථියෙන් වැරදි යැයි හැඟෙයි නම් මා සමාව භජනය කරමි.

මේ මගේ කතාවයි ................


                 2001 ශිෂ්‍යත්ව විභාගයෙන් ගුරුවරුන් හා අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ පුදුමයට පත් කරමින් මොට්ට මා ද අපේ පන්තියෙන් පාස් උනු තුන්දෙනාගේ සෙට් 1  එකෙකි.....ශිෂ්‍යත්වේ පාස් උනු උන්ට අපේ පැත්තෙන් යන්න ඇති ඉහලම පාසැල පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයයි.6 වසරට මුලින්ම ගිය දවසමට වගේම ඒ අත්දැකීම් ඇති මගේ පාසලේ මගේ හැම යාළුවටම මතකයේ තියෙනු නිසැකයි මොකද මම වගේම 6 වසරට එන හැමකෙනාම පාසැලට අලුත් සිසුවෙකි, ඒකට එකෙක් එක එක ඉස්කෝල වලින් ආපු අලුත් ගජයෙකි,පාසලට මුල්ම පියවර තැබිමේදීම හදවතට දැනෙන දර්ශනයකි.අපිට කලින් අවුරුද්දේ ඒ ඉස්කෝලෙට ආපු අයියලා අක්කලා එයාලගෙම ඇති හදපු පුංචි මල් කළඹක් අතේ දරන් අපේ ලගට ඇවිත් අපිව පිළිගත්තේ පුංචි අපේ ඇසට උණු කඳුළු කැට ගෙනෙමිනි..

සුන්දර මතකය සැමදා  සුවඳයි...........

        යාලුවෝ සෙට් එක එකට එකතු වෙලා පන්ති කට් කරපු හැටි,ඉන්ටවල් එකට බෙල් එක ගහපු ගමන් විනාඩියට දෙකට කෑම ලහි ලහියේ ගිලින්නේ ඉතුරු වෙලාවේ පන්තිය ඉස්සරහ බෝල ගහන්න ,සර් හරි මැඩම් හරි පේන දුරට එනකල්ම සෙල්ලම තමයි...

             බාස්කට් බෝල් පිට්ටනිය අපේ ක්‍රිකට් පිට්ටනිය උනු කාලයකුත් තිබුන අපි ටිකක් ලොකු පන්ති වලට ආපු කාලේ.ගජයෝ ටික එකට පංති කට් කරලා බෝල ගහල ප්රින්සිපල්ගෙන් ගුටි කාලා තල් ගස් වන්දනාවේ ගිය වර අපමණයි .ඒත් ඒ සුන්දරකාලේ මතකයක් පනි කියල මතක් වෙන තත්පරයක් ගානේ තාමත් පොඩි එකෙක් වගේ හිතින් තාමත් මම කඳුළු හෙලනවා.




විදුහල වැජඹේවා!!
නංවා කෙහෙළි ලොවේ විදුහල වැජඹේවා!!

මගේ රත්තරන් අම්මේ හැමදාමත් ඔබ වැජඹේවා!!

ලේ කිරි පොවා මාව දැඩි කල මගේ අම්මේ,
සිප්කිරි පොවා හරි මඟ පෙන්නු පාසල් මෑණියනි,
ජිව හුස්ම පොවා මා ජිවත් කරවන මිහිලක් අම්මේ  මගේ අවසන් හුස්ම හෙලන මොහොත දක්වා මම ණයගැතියි අම්මේ ....
ආදරෙයි ඔයාල තුන් දෙනාටම එක වගේම හැමදාමත්.
                                       

                            

14 comments:

  1. දිගුකල් වැජඹේවා මෑණියනි !!!!!!!!!!

    ReplyDelete
  2. ලස්සනට ලියල තියනවා මල්ලි දිගටම කරගෙන යන්න ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අයියා.................

      Delete
  3. නංවා කෙහෙළි ලොවේ විදුහල වැජඹේවා!!

    ReplyDelete
  4. විදුහල වැජඹේවා!!

    ReplyDelete
  5. මෙවන් අරුමයක මිහිරියාව වෙන කාටවත් විදින්න බැරිවීම ගැන පොරමඩුලු අපි හිත් කොනින් සතු‍ටු වෙමු....

    ReplyDelete
  6. 100% ක් ඇත්ත කතාව... බොහෝම ස්තුතියි ප්‍රමුදි සහෝදරි!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete