මගේ අම්මා,
ලෝකයට තවත් එක් ගැහැණියක් පමණි,එනමුත් මගේ ලෝකයේ වීරවරිය ඇය වන්නීය. ඒ මාගේ අම්මා වූ නිසාවෙන්මය.
ඇය මා වෙනුවෙන් කල කැපකිරීම් මා අසා ඇත්තේ මෙලෙසිනි.
මා කුසට පැමිණි බව දැනගත් දින ඈ නැවත උපතක් ලැබුවලු ,සතුටින් පිනා ගියාලු ,දෙවියන්ට ස්තුති කලාලු..
එදා ඉඳන් වෙනදා ගන්නා අහාර වගේ දෙගුණයක් කෑම ගත්තලු ,ඒ පෙරේතකමට නෙවෙයි මට පෝෂණය මදිවෙයි කියලා.
උණුසුම් අහාර ගත්තේ නැහැලු මගේ හිසකෙස් හලේවි කියලා,සීතල වතුර බිව්වේ නැහැලු මා කුසතුළ අසනීප වේවි
කියලා.
හැමදාම දෙවියන් බුදුන් වැන්දාලු ඒ වගේම ප්‍රර්ථනා කලාලු “මා බිහිවන දින ඇගේ දිවි තොර වුවත් ,දරාගන්න බැරි විලි වේදනා දැනුනත් මට කිසිදු කරදරයක් හිංසාවක් නොම වේවා!” කියලා.